අලුත්ම!

Other News

More news for your entertainment


Showing posts with label වගාවන්. Show all posts
Showing posts with label වගාවන්. Show all posts

අඹ වගාව


අඹ යනු ලංකාවේ ගෙවතු වගාවක්‌ ලෙස ඉතා ජනප්‍රිය පලතුරු බෝගයයි. එසේ වූවත් නිසි පරිදි නඩත්තු නොකිරීම හේතුවෙන් ඒවායින් ඉතා අඩු අස්‌වැන්නක්‌ ලැබෙන අතර ලැබෙන ඵල ද ඉතා අඩු ගුණාත්මයෙන් යුක්‌තව නෙලාගනු ලබයි. නැත්නම් ගසේම ඉදී සතුන් ගේ හානියට ලක්‌වේ. එක්‌කෝ බිම වැටී කුණුවෙලා, විනාශ වීයයි. අඹ ගස ඉතා රූස්‌ස ගසක්‌ මෙන් වැඩී ගෙවත්තේ අනිකුත් ගස්‌වලට අවශ්‍ය පරිසර සාධක මෙන්ම හිරු එළිය ද ඉඩ කඩ ද අවම කර ගැටලු ඇති කරයි. මෙම ගැටලු අවම කරගෙන හොඳින් ප්‍රතිලාභ ලැබීමට අඹගස්‌ නිසි පරිදි නඩත්තු කර රෝග පළිබෝධ නිවැරදිව හඳුනාගෙන ඒවා පාලනය කර නිවැරදි පසු අස්‌වනු තාක්‍ෂණික ක්‍රම අනුගමනය කිරීම වැදගත් වේ.
පලතුරු වගාවේ රජු ලෙස සලකන අඹ වගාවේ ඵල අඹ වාරයට අධිsකව දක්‌නට(මැයි, ජුනි සහ දෙසැම්බර්, ජනවාරි) ලැබේ. අඹ නැවුම් පලතුරක්‌ ලෙසත් යුෂ විදිහටත් අඹ වෑංජනයක්‌ ලෙසත් චට්‌නි, කෝඩියල්, ජෑම්, ජෙලි හා පලතුරු කැබලි ලෙසත් පිළියෙළ කරගත හැකියි.
ඉඳුණු අඹ ආහාරයට ගත්විට සම නිරෝගී වේ. විටමින් ඒ හා සී අධිකය. රාත්‍රී අන්ධතාවය අඩුකරගත හැකිය. ආමාශයේ හා රුධිරය ආශ්‍රිත ආබාධ වල කාලයි. ස්‌ත්‍රීන්ගේ ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත රෝගවලට ප්‍රතිකාර කිරීමට අඹ, ඇට, කොළ පොතු ආයුර්වේදයේ දී යොදාගනී. ශාන්ති කර්ම වලට අඹ කොළ භාවිත කරන්නේ විෂ බීජ නාශක ගුණයක්‌ මෙහි ඇති නිසායි.
මිශ්‍ර වගා භූමි වලදී අඹ ගස්‌ අකුණු සන්නායකයක්‌ ලෙස ද ක්‍රියා කරයි.
අඹ ප්‍රභේද :
වියලි කලාපයට - හම්බන්තොට, අම්පාර, කිලිනොච්චි, මුලතිව්, යාපනය, ත්‍රිකුණාමලය, මඩකලපුව, පුත්තලම, අනුරාධපුරය, පොළොන්නරුව, වව්නියාව, මන්නාරම
වර්ග - කර්ත කොලොම්බන්, විලාඩ්, මල්වාන, ටොම්.ඊ.ඡේ.සී ඇල්පොන්සෝ
අතර මැදිs කලාපයට - මාතලේ මොනරාගල, කුරුණෑගල, බදුල්ල
වර්ග - කර්ත කොලොම්බන්, විලාඩ්, මල්වාන, ටොම්.ඊ.ඡේ.සී, ඇල්පොන්සෝ, බෙටි අඹ, වෙල්ලේ කොලොම්බන්
තෙත් කලාපයට - කොළඹ, කලුතර, ගාල්ල, මාතර, කෑගල්ල, මහනුවර, රත්නපුර
වර්ග - වෙල්ලේ කොලොම්බන්, ගිරා අඹ, දම්පර, පිටර්පසාන්
අඹ පැළ සිටුවීම :
හොඳ පැළ තවානතින් පෘෂ්ටිමත් නිරෝගී සෘජු කදක්‌ සහිත බද්ධ පැළයක්‌ තෝරාගෙන ගෙවත්තේ නිවසට පිටුපසට වන්නට හොඳින් ජලය බැස යන ස්‌ථානයක්‌ තෝරාගෙන පසේ වයනයට අනුව (වැලි, සාමාන්‍ය පස, බොරලු පස) වලක්‌ කපා හොඳින් නිවැරදිව වල පුරවා (විස්‌තර පසුගිය නවලිය කලාපවල ඇත) තැන්පත් වීමට හැර අඹ පැළය සිටුවන්න. පැළ සිටුවීමට සති 2-3 කට පෙර කොම්පෝස්‌ට්‌ පොහොර කිලෝග්‍රෑම් 10 ක්‌ වලට දමා පස සමඟ මිශ්‍රකර ගත්විට මූලික අවධියේ අඹ පැළයේ වර්ධනය වේගවත්ව පෘෂ්ඨිමත්ව නිරෝගීව සිදුවේ.
පරතරය - විලාඩ් මීටර් 7 ං 10 මීටර්
සෙසු ප්‍රභේද - මීටර් 10 ං 10 මීටර්
හොඳින් පුහුණු කිරීම හා නඩත්තු කිරීම
පැළය සිටවූ දවසේ පටන් පැලය හොඳින් පුහුණු කළවිට අඹ පැළය රූස්‌ස ගසක්‌ ලෙසට වර්ධනය නොවී හොඳින් පිරුණු සැකිල්ලක්‌ සහිත අපට පහසුවෙන් ළඟාවිය හැකි උසකට නඩත්තු වූ අඹ පැළයක්‌ ලබා ගත හැකියි.
අඹ පැළය සිටවූ පසු ආධාරක කෝටුවක්‌ සවිකර පැළය එයට තබා ලිහිල්ව බැඳ පැළය කෙලින්/ සෘජුව අඩි 1.5 ක්‌ - 02 කක්‌ උසට වැඩෙන්නට ඉඩ හැර ඉන් පසු එන අතු අඩි 1/2 ක්‌ පමණ පරතරයකින් ප්‍රධාන කඳේ සිට සෑම දිශාවක්‌ම ඔස්‌සේ වර්ධනයට ඉඩ හරින්න. අනවශ්‍ය අතු (රෝගි මැරුණුq ගස මැදට වර්ධනය වන අතු, එකක්‌ මත එකක්‌ අතු පිහිටවන අතු) ඉවත් වී කොලව අඩු පලදාව වැඩි ගස්‌ බවට අඹ ගස්‌ පරිවර්තනය වීම නිසා හොඳින් ගස තුළට ආලෝකය ලැබීමෙන් පලිබෝධකයන් හා රෝග කාරකයන්ගේ වර්ධනයට බලපෑම් ඇතිකර රෝග හා පලිබෝධ හානි අඩු කරගත හැකියි.
දැනට රූස්‌ස ගස්‌ ලෙසට ඇති අඹ ගසක්‌ නඩත්තු කිරීම
අඹ ගසේ ප්‍රධාන කඳේ සිට අඩි 1-1.5ක්‌ දුරින් තෝරාගත් අත්තක්‌ ඉතිරිකර සියල්ල කපා දමන්න. වර්ධනය වන අංකුර වලින් නිරෝගි පෘෂිටිමත් අංකුරයක්‌ ඉතිරිකර එය පැන්සලක්‌ තරම් ඝනකම් කඳක්‌ ඇතිවන විට පිටතින් සුදුසු අනුජ අංකුරයක්‌ මඟින් බද්ධකර අලුත් අඹ වර්ගයක්‌ බවට ගස පරිවර්තනය කරගෙන ඉතිරිකරගත් අත්ත ද කපා ඉවත් කරන්න. නව අංකුරය නව පැළයක්‌ ලෙස ඉහත ආකාරයට පුහුණු කිරීමෙන් හොඳ සැකිල්ලක්‌ සහිත ගසක්‌ බවට රූස්‌ස ගස පරිවර්තනය කළ හැකියි.
අඹ ගසක්‌ නිවැරදිව නඩත්තු නොකළ විට පහත ගැටලු වලට මුහුණ පායි.
1. අස්‌වැන්න අඩුවේ.
2. වසර කිහිපයකට වරක්‌ පමණ අසුවැන්න ලැබේ.
3. අස්‌වැන්න විවිධ ආසාදන වලට ලක්‌වේ.
4. ගුණාත්මය අඩුකමෙන් පරිභෝජනයට ප්‍රිය නොවේ.
පොහොර යෙදීම
ගෙවතු වගාවකදී කාබනික පොහොර මෙන්ම රසායකින පොහොර ද අඹ පැළවලට නිර්දේශ කරයි. සිටුවීමට සති 02 කකට පෙර කාබනික පොහොර කිලෝ 10 ක්‌ වල පිරවීමේ දී භාවිත කරන්න. ඉන්පසු වසරකට වරක්‌ කාබනික පොහොර කිලෝ 10ක්‌ භාවිත කිරීම සුදුසුය. රසායකින පොහොර යෙදීමේ දී ගෙඩි ඇතිවන තෙක්‌ මාස 04 කට වරක්‌ ද ගෙඩි හටගත් ගස්‌වලට අස්‌වැන්න නෙලාගත් පසු හා මල් පිපෙන විට වශයෙන් වාර 02 කකට යොදන්න.
ජලය යෙදීම
වියළි කාලගුණයක්‌ පවිති විට අලුතින් සිටුවන ලද වගාවකට පළමුවසර 03 න තුළ දිනකට වාර කිහිපයක්‌ වනසේ ජලය යෙදීම සුදුසුය.
ගස හොඳින් පුහුණු කර ගත් පසු ඇතිවන දලු මෝරපු අවස්‌ථාවේ සිට මල් හටගන්නා අවස්‌ථාව තෙක්‌ ජලය සැපයීම නවත්වා තැබූවිට මල්හට ගැනීමට පෙර හොඳ වියළි පරිසරයක්‌ පස තුළ ඇතිකළ විට මල් හට ගැනීම උත්තේජනය වී හොඳින් මල්හට ගනී. මල්හටගත් පසු ඒවා ගෙඩි බවට පරිවර්තනය වීමට හොඳින් ජල සම්පාදනය කළ යුතුයි.
කෘෂි උපදේශක
නීල් පෙරේරා

පොල් වගාව



තාල වර්ගයට අයත් ඝර්ම කලාපීය ගසක් වන පොල් ගසේ ගෙඩි, ශ්‍රී බුද්ධ වර්ෂ 18දී ඇමරිකාවේ සිට මුහුදු දියවැල් ආශ්‍රයෙන් පාවී ලඞකාවේ වෙරළට ගසා ගෙන ඒමෙන් අප රටේ පොල් ගසේ ආරම්භය සිදු වන්නට ඇතැයි විශ්වාස කෙරේ. එයට හොදම සාධකය වන්නේ මුහුදු වෙරළේ පොල් ගස් බහුලව තිබීමය. ලෝකයේ මොනම රටකවත් දකින්නට නැති හොඳම පොල් ලඞකාවේ ඇත. දැනට ලංකාවේ ප්‍රධානතම අපනයන බෝගයක් ලෙස සුවිශාල විදේශ විනිමයක් පොල් මගින් ලැබේ.දැනට වසර දෙකකට කලින් තිබූ පොල් මිලට වඩා අද පොල් නිස්පාදකයන්ට හොද පොල් මිලක් ලඞකාවේ වත්මන් ආර්ථික නියමුවන්ගේ දක්ස කමිං ලබා දී තිබේ. රුපියල් 30 සිට රුපියල් 95 දක්වා හොද මිලක් ලබා දී ඇති අතර, නොබෝ දිනකින්ම, රුපියල් 150 ,දක්වා හොඳ මිලක් ද ලබා දීමට බැරි නැත. ජාතික පොල් මණ්ඩලය ආර්ථික ඇමති හා ජනාධිපතිලාගේ මහත් ආර්ථික කලමනාකරණ ප්රඤාව කරනකොටගෙන අද ලඞකා පොල් ලෝකයේ හොඳම පොල් බවට පත් කරගෙන ඇත. එනම් සාමාන්‍ය කනාටු පොල් ගහක පොල් ගෙඩි 4ක 5 ක පොල් වලු 2ක් 3ක් කඩා ගැනීමෙන් රුපියල් 1425/=ක් ලබාගතහැකි පොල් සූත්රයක් ද වෙළඳ අමාත්‍යවරයා හඳුන්වා දී ඇත.


කෙසෙල් වගාව (Banana)



උද්භිත විද්‍යාත්මක - මියුසා විශේෂ

හැදින්වීම
කෙසෙල් ගසේ සම්භවය වී ඇත්තේ මලයාසියාව ආශ්‍රිත අග්නිදිග ආසියාවේය. කෙසෙල් ජනප්‍රිය පළතුරක් මෙන්ම එළවළුවකි. දැනට ලෝකයේ වගා කරන වැදගත්ම බෝගයක් වන වී, තිරිගු සහ බඩඉරිගුවලට පසුව හතරවන වැදගත්ම බෝගය වශයෙන් සැලකෙන්නේ කෙසෙල්ය. එසේම ලෝකයේ වගා කරන පළතුරු අතරින් දෙවැනි වන්නේ දොඩම්වලට පමණි.