අලුත්ම!


අපිට නොවටින ඇමරිකානුවන්ට වටින පොල් වතුර


ජීවිතය
යව්වනයේ රඳවා තබන
ලොව වටිනා ම ස්වාභාවික පානය

පොල් වතුර 🥥
අමෙරිකාවේ දී ලීටරයක් රුපියල් හත්සිය පනහකින් මෙහා මිලට ගත නො හැකි වටිනා පානයක, ලීටර් 6500000 ක ප්රමාණයක් දිනපතා අප රටෙහි විසිකර දමනවා කීවොත් ඔබට විශ්වාස කළ හැකි ද?...
දවසකට පොල් ගෙඩියක්වත් නොබිඳෙන්නේ අප රටේ කොයි ගෙදරක ද?
ඉස්සර අත්තම්මලා පොල් ගෙඩියක් බිඳින ගමන් එහි වතුර ටිකත් බිව්වා. ඉන් සමහරෙක් දැනුත් සුවෙන් ජීවත්වෙනවා , කෘත්රිම රසායනික බීමවලට ඇබ්බැහිවුණු දරු මුණුබුරන් මිය ගියාට පස්සෙත්.
එහි රහස නොයෙක් රටවල කෙරුණු පර්යේෂණ මගින් සොයාගෙන තියනවා.
ඒ පොල්වතුරවල අඩංගු සයිටොකයිනින් යව්වනය දිගු කිරීමටත්, වියපත්වන විට ඇතිවන විවිධ සංකූලතා දුරු කිරීමටත්, දීර්ඝායුෂ ලබා දීමටත් හේතුවන්නක් නිසයි.
ලෝක සෞඛ්ය සංවිධානයත් වටිනා පානයක් ලෙස පිළිගෙන ඇති පොල් වතුර, සිරුරේ අභ්යන්තර හා බාහිරව ඇතිවන රෝග ගණනාවක් දුරු කිරීමේ ශක්තිය ඇත්තක්.
විටමින් බී සී ඊ, යකඩ, කැල්සියම් පොටෑසියම් මැග්නීසියම්, සින්ක් සිලේනියම්, අයඩින්, සල්ෆර් ඇමයිනෝ අම්ල, කාබනික අම්ල රසායන, ශාක හෝමෝන වැනි පෝෂක හා ප්රති ඔක්සිකාරක ගුණ සපිරි, දිව්යමය ඖෂධීය පානයක්.
එය ලොව වටිනාම ස්වාභාවික පානය ලෙස හඳුන්වනු ලබනවා.
පොල්/ තැඹිලි/කුරුම්බා වශයෙන් නිතර උදෑසන පානය කිරීමෙන් එහි ඇති දිව්යමය ගුණ බොහොමයක් ලබාගත හැකියි.
පොල් වතුර වල පොටෑසියම් බහුලයි.
කෙසෙල්වලට වඩා ප්රබල බවත්, දොඩම් වීදුරුවකට ත්, එළකිරි වීදුරුවකටත්, වඩා ගුණයක් පොල්වතුර කෝප්පයක ඇති බවත් සඳහන්.
දෙවන ලෝක යුද්ධ සමයෙහි මෙම ඖෂධිය දියරය සේලයින් ලෙස යොදා ගැන්මෙන් 50000 ක් පමණ පිරිසක් සුවපත් කරගත් බවට වාර්තාවනවා.

දේශීය වෛද්යක්රමවල නොයෙක් ප්රතිකාර සඳහා පොල්වතුර යොදා ගැනෙනවා, ඉරමුසු, ගොටු කොළ, රතුලූනු වැනි විවිධ ඖෂධ තැඹිලි ගෙඩියක ඇස්ස කපා දමා රැය එළිවනතුරු පින්නේ තබා බීම ඉන් එක් ක්රමයක්.
පානීය ජලයටත් වඩා සජලත්වය ඇතිකිරීමේ හැකියාවැති පොල්වතුර, පාචනය, අතීසාරය වැනි රෝග තත්ත්වලදී ඇතිවන විජලනය සුවපත් කිරීමේ ගුණයෙන් යුතුයි. එසේ ම සිරුර අධිකව වෙහසීමෙන් ඇතිවන විජලනය දුරු කිරීමට ද සමත්.
.
පොල්වතුරවලින් මුහුණ සේදීමෙන් පිළිස්සුම් සුව වනවා. සමෙහි ඇති කුරුලෑ ලප කැළැල් මැකීයනවා. වියළි බව දුරුවී , සමේ වියපත්වීම පමාවී, තෙත්බව හා කාන්තිමත් බව ඇතිවෙනවා. තරුණ පෙනුම දිගු කාලයක් රැඳෙනවා.
පොල්වතුර ගල්වා හිස සම්බාහනය කිරීමෙන් දිලීර නාශක ගුණඇති ලෝරික් අම්ලය ස්වාභාවික කන්ඩ්ෂනරයක් සේ ක්රියාත්මක වනවා. ඉන් හිසෙහි දිලීර උකුණු බිබිලි තුවාල සුවවී , කෙස් වැටීම වැළකී, නිල්වන් කෙස් කළඹක් වැවෙනවා.
.
හදවතට හිතකර මේද අම්ල ඇති පොල්වතුර හර්දයාබාධ, හා අධි රුධිරපීඩනය පාලනයකර දීමෙන් තවත් වටිනා මෙහෙයක් ඉටුකරනවා.
රුධිර සංසරණ පද්ධතියට හිතකර සේවයක් ලබා දී කොලෙස්ටරෝල් පාලනය කරමින් රුධිර වාර්තා යහපත් තත්ත්වයට පත් කරනවා .
අධි රුධිර පීඩන රෝගීන් යොදා ගෙන කෙරුණු එක් අධ්යයනයකදී, හෙළිවුණේ පොල්වතුර පානයෙන් රෝගීන්ගේ අධි රුධිර පීඩන මට්ටම 71%කින් අඩුවූ බව යි.
පිලිපීන චයිනීස් රෝහලේ මුත්රවාහිනි පද්ධති අංශ බලධාරියෙක් ද තම රෝගීන් ඇසුරින් පොල් වතුරවල අගය වටහා දෙන ප්රකාශයක් ක ළා.
ඔහු කියාසිටියේ මුත්රා ගල් නිසා ශල්යකර්ම අවශ්යව සිටි රෝගීන් සතියකට දින කීපයක් පොල්වතුර පානය කිරීම නිසා මුත්රා ගල් කැඩී යාම් , කුඩාවීම් , සිදුවී, බෙහෙත් දීමෙන් පමණක් සුව කළ හැකිවූ බවයි .
පොල්වතුරෙන් මුත්රා වකුගඩු ආබාධ මෙන්ම දියවැඩියාව පාලනය කිරීමත් සිදුවනවා.
එහි ඇති කුස පිරෙන ගතියෙන් අධි ආහාර පරිභෝජනයේ අවශ්යතාව නැතිවී තරබාරුව දුරුකෙරෙන අතර, මත්පැන් විෂවීම් අධිමාත්ර බෙහෙත් විෂවීම් වලින් ඇතිවන අපහසුතා ද දුරුවී යනවා.
1999 අමෙරිකාවේ යාලේ සරසවියේ කෙරුණු තවත් පර් යේෂණයකදී පොල්වතුර පානයෙන් සීනි කෑමේ කෑදර කම ද පාලනයවන බව සොයා ගැනුණා.
මෙම පානයෙහි අඩංගු මොනොලෝරින් වල ව්යාධිජනක බැක්ටීරියා වෛරස්, හර්පිස් , HINI දරුණු ප්රතිශ්යාකාරක වෛරසය, විනාශ කිරීමේ ශක්තිය පවතිනවා.

පොල්වතුරෙහි ඇති සෝඩියම් පොටෑසියම්, මැග්නීසියම් බහුලතාවත් සමග, මද සරු භාවය දුරුකර, ලිංගික සක්රීයත්වය ඇතිකිරීමට එයට හැකියි.
ඇසට හිතකර පොල්වතුර, ඇසේ සුද ඇතිවීම ග්ලූකෝමා වැනි රෝග ඈත්කරමින් ඇස්පෙනීමද වර්ධනය ක රනවා. මස්පිඩු ශක්තිමත් කර කෙන්ඩ පෙරළීම් වැනි තත්ත්වයන් වළකනවා.
ගැබිණි මව්වරුනට සහන සලසන අතර ඔවුන්ට ඇතිවන වමනය වැනි අපහසුතා දුරු කිරීමට මෙන්ම දරුවාත් මවත් සෞඛ්ය සම්පන්න කිරීමටද සමත්.
පැපොල සරම්ප පලු දැමීම් උෂ්ණ බිබිලිවල පොල්වතුර ගෑමෙන් සහන අත්වෙනවා.
වැඩිපුර ලුණු ආහාරයට ගැනීමෙන් සිරුරට වන හානිය වළකන්නත් මෙම ඖෂධීය පානයට හැකියි.
මල බද්ධය දුරු කිරීමට පලතුරුවලටත් එහා ගිය සේවයක් එය ඉටු කරනවා.
මානසික පීඩනය, විෂාදය, ගැස්ට්රයිටිස් ,පිළිකා උදරාබාධ, පනුරෝග වැනි විවිධ රෝග මැඩලන්නට ද පොල්වතුරවලට හැකියි.
ලිපිය සැකසුම- Indra
(මූලාශ්ර හා සේයා රූ- අන්තර්ජාලය හා වෛද්ය ලේඛන ඇසුරිනි.)

0 comments:

Post a Comment