අලුත්ම!


අතීතාර්ජණය



මහවැලි නදියෙන් ගලාවිත් කලා වැව් මවගෙන් පෝෂණය වන එච් කලාපයේ තඹුත්තේගම නේවාසික ව්‍යාපාර කලමණාකාර කොට්ඨාශයේ එප්පාවල කොට්ඨාශයේ 401 ඒකකයේ D6 ජයගංගා ගොවි සංවිධානයේ අතීතාර්ජනය මෙසේය.

1978 ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මඟින් වියලි කලාපයේ එප්පාවල කොට්ඨාසයට ඉඩම් ලබාදීමත් සමඟ වර්ෂායෙන් මාස හතරකට සීමා වූ වැසි ජලයෙන් පමණක් හේන් ගොවිතැනින් ජීවත් වූ අසරණ ජනතාවට සශ්‍රීක අක්කර 2.5 අයිතිය හිමිවෙයි. ඉන්පසු හේන් ගොවියා කුඹූරු ගොවියෙකු බවට පත්වී යල මහ කන්න දෙකම ගොවිතැන් කරමින් ජීවත්වන අතර ඇති වන ජල ගැටළු විසදා ගැනීම සඳහා එවකට සිටි වැඩිහිටියන් පිරිසක් එකතු වී සමිතියක් පිහිටුවා ගන්නා ලදි. ඒ 1988 වැනි කාලයකදී එහි මුල්ම සමාජිකයන් 18 දෙනෙකි.

මෙලෙස අරම්භවන ගොවි සංවිධානයේ මුල්ම සභාපති වරයා වන්නේ H. S සිරිමාන්න මහතාය, ලේකම් වරයා ලෙස ටිකිරි බංඩා මහතාද, භාණ්ඩාගාරික වරයා ලෙස විජේපාල මහතාද කටයුතු කරමින් රු: 10ක් වැනි සාමාජික මුදලක් අයකරමින් මෙම සමිතිය ඉදිරියට ක්‍රියාකාරීව පවත්වාගෙන යාටම කටයුතු කර ඇත. 

ඉන්පසු සුසිල් ගුණවර්ධන මහතා සිරිවර්ධන මහතාද සභාපති වරුන් ලෙසත් K. B දිසානායක මහතා ලේකම් වරයා ලෙසත් N ගුණපාල මහතා සහ ජේ දිසානායක මහතා භාන්ඩාගාරික වරයා ලෙසත් කටයුතු කරමින් D6 ජයගංගා ගොවි සංවිධානය නමින් ලියාපදිංචි කර මෙම ගොඩනගමින් මෙම සමිතිය ඉදිරියට ගෙන එල ලඳි. 

2012 වර්ෂයේදී රංජිත් රත්නායක මහතා සභාපති වරයා ලෙසත්, සුසිල් ආරියරත්න මහතා ලේකම් වරයා ලෙසත් අනුර බංඩාර මහතා භාණ්ඩාගාරික වරයා ලෙසත් පත්වේ. ඉන්පසු මෙම සමිතියේ විශාල පිබිදීමක් සමඟ විශාල ඉදිරි පිම්මක් තබනු තැබේ. එතැන් සිට සැලකිය යුතු මට්ටමක මූල්‍ය තත්වයක්ද සමිතිය සඳහා කලාපය තුල විශාල ප්‍රසිද්ධියක්ද ලබාගනිමින් මහවැලි හා ගොවිජන සේවා ආයතන සංවිධානය කරනු ලබන තරඟ වලින් ජයග්‍රහනය ලබමින් ඉදිරියට යමින් පවතී. මෙම ගොවි සමිතියේ වර්ථමාන සභාපති රංජිත් රත්නායක මහතාද, ලේකම් වරයා ලෙස ෂර්ලි වික්‍රමසිංහ මහතාද භාන්ඩාගාරික වරයා ලෙස අනුර බංඩාර මහතාත කටයුතු කරයි.

0 comments:

Post a Comment