අලුත්ම!


ධාතුසේන රජු විසින් ඉදිකල කලා වැව


ක්‍රි.ව. පස්වන ශතවර්ශයේ රජකම් කෙරූ ධාතුසේන රජු විසින් කලා වැව ඉදිකරන ලදී. කලා වැවේ ඉදිකිරීම් වලින් අනතුරුව රජු විසින් ඊට ආසන්නයේම බලලු වැවනමින් තවත් වැවක් ඉදිකරනු ලබූ අතර එම වැව් දෙක එක්කිරීමෙන් ශ්‍රී ලංකාවේ විශාලතම වැව නිර්මාණය කෙරිණි. ධාතුසේන රජුගෙන් අනතුරුව ඔහුගේ පුත් වූ දෙවන මහින්ද රජු (ක්‍රි.ව. 777-797) විසින්ද තවදුරටත් මෙම වැව පුළුල් කරනු ලැබීණි.


කලා වැව යනු ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති පුරාණ ජලාශයක් වේ. කලා-බලලු වැවු යුග්මයේ ප්‍රධාන වැව මෙය වන අතර තිසා වැවට ජලය ගෙනයනු ලබන සැතපුම් 54 (86.9 කි.මි) පමණ දිගු පුරාණ ඇල මාර්ගයක් වූ ජය ගඟ නැතහොත් යෝධ ඇළ මාර්ගය ආරම්භවන්නේද මෙම කලා වැවෙන් වේ. ශෙෙලමය හිටි බුද්ධ ප්‍රථිමාවක් වූ අවුකන බුදු පිළිමයද කලා වැවට ආසන්නයේ පිහිටා තිබේ.


0 comments:

Post a Comment