අලුත්ම!


පොල් මයිටා හානිය සහ එහි පාලනය



පොල් මයිටා හානිය 1997 වර්ෂයේදී පමණ පුත්තලම දිස්ත්‍රික්කයේ කල්පිටිය ප්‍රදේශයෙන් මුලින්ම වාර්තා වී ඇති මෙම පියවි ඇසට නොපෙනෙන කෘමි හානිය ලංකාවේ පොල් වගාවට දැවැන්ත හානියක් සිදු කර ඇති කෘමි හානියකි. ප‍්‍රධාන වශයෙන් සුළගින් වියාප්ත වන මෙය පාලනය කිරීමට සාර්ථක ක්‍රම ඇතත් පොල් වගා කරුවන්ගේ නොදැනුවත්කම හා අඩු උනන්දුව නිසා මෙම හනියෙහි අඩුවීමක් නොපෙන්වයි. විශේෂයෙන්ම මෙම හානිය තෙත් කලාපයට වැඩ වියලි සහ අතරමැදි කලාපවල දැක ගැනීමට හැක.




ඇසේරියා ගුරෙරෝනිස් (aceria guerreronis) නමැති විද්‍යාත්මක නමින් හදුන්වන පියවි ඇසට නොපෙනෙන මෙමෙ මයිටවා කුඩා පොල් බැට්ට වල තැරියේ ජීවත් වෙමින් ගෙඩිය ලොකු වන තෙක්ම එහි යුෂ උරාබීම සිදු කරයි. මෙම නිසා ගෙඩි කුඩාවීම හා පලුදු වීම සිදු වේ. මේ සඳහා දැනට නිර්දේශිත ප්‍රතිකාර ක්‍රම ක්‍රම නම්,

1. පාම් / එළවළු තෙල් සහ ගෙන්දගම් මිශ්‍රණය ඉසීම

  • පාම් තෙල් මිලි ලීටර් 200 (කොප්ප 01 යි)
  • වතුර මිලි ලීටර් 800 (කොප්ප 04 යි)
  • සබන් කුඩු ග්‍රෑම් 12 (තේ හැඳි ‍02 යි)
  • තෙත් කළ හැකි ගෙන්දගම් 80% ග්‍රෑම් 05 (තේ හැඳි 01 යි)


දිග බටයක් (ගැස් ලිප් සදහා බාවිතා කරන බට වැනි) පොල් ගස් වල උසට සරිලන ලෙස උණ ලීයක ගැට ගසා එක කෙරවලක් තෙල් ඉසින ටැංකියට සම්බන්ද කරන්න අනිත් කෙරවල තෙල් ඉසින මල සවි කර උවදුරට පාත්‍ර වූ ගස් මුදුනත ඉහත සඳහන් මිශ්‍රණය ඉසින්න.

2. විලෝපිත මයිටාවන් 

Neoseiulus Barak නමින් හදුන්වන මෙම විලෝපිත මයිටාවන් දේශීය මයිටවන් වර්ගයකි. මොවුන්ගේ ආහාර සහ ප්‍රජනන කටුයුතු පොල් මයිටවන් මත විලෝපිත වන අතර මොවුන් 5000 පමණ ප්‍රමාණයක් එක ගසකට මුදා හරිය යුතුය. මුළු පොල් වගාවේ 1/4 ප්‍රමාණයකට මාස 3-4 වරක් බැගින් අවරුදු 2 යනතුරු මුදාහැරීම මගින් සම්පුර්ණයෙන්ම මෙම හානිය මර්දනය කල හැක. මෙම විලෝපිත මයිටාවන් පොල් සංවර්ධන නිළදාරීන් මගින් හෝ පොල් පරේෂණ ආයතනයෙන් ලබාගත හැක.

0 comments:

Post a Comment