පිටි මකුණා ඉතා කුඩාය. පියාපත් සහිත සහ රහිත යන දෙයාකාරයෙන්ම සිටින මොවුන්ගේ දේහය මෘදුවන අතර, රතට හුරු සුදු පැහැයක් ගනී. පියාපත් රහිත පිටි මකුණන් ශ්‍රාවය කරන සුදු ඉටි වැනි කෙඳිමය ද්‍රව්‍යයකින් දේහය ආවරණය කර ගනී. වියළි දේශගුණික තත්ත්ව යටතේ වර්ෂා ජලයෙන් වගාකරන හොඳින් ජලය බැස යන කුඹුරුවල අධික වශයෙන් දක්නට ලැඛෙන මොවුන් සාමාන්‍යයෙන් ජීවත් වනුයේ පත්‍ර කොපුවල සහ කෙඳහිය. පිටි මකුණා පැළවල යුෂ උරා බීම නිසා ශාකයේ වර්ධනය බාල වේ. ආසාදනය අධික වු අවස්ථාවල කරල් පීදීම පමා වේ. මෙවැනි අවස්ථාවල අක්‍රමවත් වර්ධනයක් සහිත ගොයමක් දක්නට ලැබේ.
Showing posts with label ස්වාභාවික ක්‍රම. Show all posts
Showing posts with label ස්වාභාවික ක්‍රම. Show all posts
