අලුත්ම!


හෙල වාරී ඉංජිනේරුවන්ගේ විශ්මිත යෝධ ඇල



කලාවැව සිට තිසාවැවට ජලය ගෙනයාම සඳහා ක්‍රි.ව. 457 දී ධාතුසේන රජතුමා විසින් කරවූ යෝධ ඇළකි. ධාතුසේන රජ දවස ඉදිකළ කලාවැව ලොව පුරා ඉංජිනේරුවන් මවිතයට පත්කළ නිර්මාණයක් විය.දැවැන්ත වාරි තාක්ෂණය විදහා දක්වන මෙම ඓතිහාසික කලාවැව වර්තමානයේ ප්‍රතිසංස්කරණය කළ ඇති අතර මෙම ප්‍රතිසංස්කරන අතරතුර නව ජය ගග හෙවත් පැරණී යෝද ඇල පිහිටි ස්ථානයේ නව සොරොව්වක් ඉදිකිරීමට කඅණිම් කළ අතර නූතන වාරි ඉංජිනේරුවන් කල්යල් බලා සියළු භෞතික සාධක පිළිබද සැලකිලිමත් වෙමින් කැණිම්කළ අතර සියළු වාරිමාර්ග ඉංජිනේඍැවන් මවිතයට පත්කරමින් පැරණි සොරොව්වක් හමුවිය.මෙම පැරණි සොරොව්ව හමුවීම තුළින් පැරණි වාරි තාක්ෂණයේ දියුණුව මොනවාට විදහා දක්වන මෙම පැරණි ගල් සොරොව්ව අදටත් කලාවැව් ඉස්මත්තේ ප්‍රදර්ශනයට තබා ඇති අතර එහි ඡායාරූප මෙහි දක්නට ලැබේ.



යෝධ ඇල ජය ගඟ වුනේ කොහොමද


 අපේ අතීතය හාරාවුස්සගෙන යද්දී මට කියවන්න ලැබෙනවා මෙහෙම කතාවක්. කලා වැව මුලින්ම තිබිලා තියෙන්නේ ස්වාභාවික ව හැදුන විලක් විදියට කලා වැව විතරක් නෙමෙයි බළලු වැවත් මුලින්ම විලක් විදියට තමයි තිබිලා තියෙන්නේ. පස්වෙනි සියවසේදී රජකම් කරපු ධාතුසේන රජතුමා මේ කුඩාවට තිබුණ කලා වැවයි බළලු වැවයි එකට එකතු කරලා කලා වැව ලොකුවට හදනවා. කලා වැවේ ඉඳලා තිසා වැවට වතුර ගෙනියන්න හදපු ඇළ තමයි යෝධ ඇල කියලා කියන්නේ. මේ ඇලේ දිග සැතපුම් 54 ක්. මේ යෝධ ඇලේ මුල් සැතපුම් 17 දියබැස්ම සැතපුමකට අඟල් 6යි. යෝධ ඇල විශිෂ්ඨ නිර්මානයක් වෙන්න ඒකත් එක හේතුවක්. 

ධාතුසේන රජතුමා යෝධ ඇළ හදලා අවුරුදු 700කට පස්සේ පරාක්රමභාහු රජතුමා මේ යෝධ ඇළ ප්රතිසංස්කරණය කරලා තියෙනවා. ඔන්න ඔහොම ප්රතිසංස්කරණය කළාට පස්සේ පරාක්රමභාහු රජතුමා තමයි මේ යෝධ ඇළට ජය ගංගා කියලා නම තියලා තියෙන්නේ. ඉතින් එදා ඉඳලා යෝධ ඇල කියලා වගේම ජය ගඟ කියලත් මේ ඇල අඳුන්නනවා. මේ ඇළ හදලා තියෙන්නේ ගැබ් ගත්ත එළුදෙනක් ගමන් කරපු මාර්ගය දිගේ කියලාත් පරණ ජන කතාවල කියවෙනවා.

0 comments:

Post a Comment